බානෙන්‌ බැඳ රජරට පෙදෙසින්නේ

Banen Banda Rajarata Pedesinne

sunil edirisinghe
බානෙන්‌ බැඳ රජරට පෙදෙසින්නේ Lyrics

බානෙන්‌ බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන්‌ බෝධිය දෝවන්නේ
උගෙන්‌ මැඩූ බැත දනට පුදන්නේ

ඇගේ කිරෙන්‌ බෝධිය දෝවන්නේ
උගෙන්‌ මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන්‌ බැඳි ගැල්‌ නැග පන්සල්‌ යන්නේ

බානෙන්‌ බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

කිරි රස දන්නෝ මව්‌ හඳුනන්නෝ
බත්‌ රස දන්නෝ කෙත්‌ හඳුනන්නෝ

කිරි රස දන්නෝ මව්‌ හඳුනන්නෝ
බත්‌ රස දන්නෝ කෙත්‌ හඳුනන්නෝ
බත්‌ සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත්‌ බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්‌නේ
දම්‌ සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ
හිත්‌ වළ ඇයි කළගුණ නොරැඳෙන්නේ
හිත්‌ වළ ඇයි කළගුණ නොරැඳන්නේ
හිත්‌ වළ ඇයි කළගුණ නොරැඳෙන්නේ
හිත්‌ වල ඇයි කළගුණ නොරැඳෙන්නේ..

Video thumbnail