දෙවනි බුදුන්‌ ලෙස ලොවම උවම්‌ කල

Dewani Budun Lesa Lowama Uwam Kala

sunil edirisinghe
දෙවනි බුදුන්‌ ලෙස ලොවම උවම්‌ කල Lyrics

දෙවනි බුදුන්‌ ලෙස
ලොවම උවම්‌ කල
ලොවක පිදුම්‌ ලද
ලොවට උතුම්‌ ළඳ

අම්මා..
අම්මා.. අම්මා..

දෙසවන්‌ සනහා මා නැලවු ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත

අම්මා..
අම්මා.. අම්මා..

ඇසට හඬන්නට කළුළැලි දුන්‌ ඔබ
ළතැවුල්‌ දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන්‌ ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත

අම්මා..
අම්මා.. අම්මා..

දෙවනි බුදුන්‌ ලෙස
ලොවම උවම්‌ කල
ලොවක පිදුම්‌ ලද
ලොවට උතුම්‌ ළඳ

අම්මා..
අම්මා.. අම්මා...

Video thumbnail