දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි..
දුක දිනා හිනැහෙන හැටි දුවේ..
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිලබල යා නොදෙයි..
මිල මුදල නිලබල යා නොදෙයි
කල හොඳම විතරක් ඉතිරි වෙයි
කල හොඳම විතරක් ඉතිරි වෙයි
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය පුදා..
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගේ දුව තමා
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ..
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
ගෙනියන්නේ ඒ අභිමානයයි
ගෙනියන්නේ ඒ අභිමානයයි
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි