මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි Lyrics
මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඒ මතකය විතරයි..
මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඒ මතකය විතරයි..
නුඹ සඳක් වෙලා පායා..
මට එළිය වුණු වගයි..
නුඹ සඳක් සේම බැසයයි..
මට ඉතිරි කළුවරයි..
මගේ මතක එපමණයි..
මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඒ මතකය විතරයි..
සඳ එළිය අයිති ලොවටයි..
සඳ අයිති අහසටයි..
පිනි කඳුළු බින්දු විතරක්..
මේ බිමට වැටෙනු ඇයි..
මට උරුම එපමණයි..
මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ..
ඒ මතකය විතරයි..