මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා Lyrics
මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..
කලා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා..
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..
මැරෙන ඉපදෙන රළ දිහා..
ඉසුරුමුණියේ නුඹ තැනූ..
පෙම්බරිය කොතැනද කියා..
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා..
තවම තනිකඩ යැයි කියා..
මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..
දෑස් දුන් මිනිසා සොයා..