නිදුකාණනේ,යොමා බුදු නෙත කුලුණිනේ

Nidukanane Yoma Budu Netha Kulunine

sunil edirisinghe
නිදුකාණනේ,යොමා බුදු නෙත කුලුණිනේ Lyrics

නිදුකාණනේ..නිදුකාණනේ..

යොමා බුදු නෙත කුලුණිනේ
වඩිනු මැන නිදුකාණනේ..
යොමා බුදු නෙත කුලුණිනේ
වඩිනු මැන නිදුකාණනේ..

සිතෙන්‌ සිතක රඳනා කෝප ගිනි
උනුන්‌ දවාලන අයුරු  දකින්නට
මුවින්‌ මුවග ගලනා නාග විස
උනුන්‌ නසාලන අසිරි බලන්නට
උනුන්‌ නසාලන අසිරි බලන්නට

යොමා බුදු නෙත කුලුණිනේ
වඩිනු මැන නිදුකාණනේ..

නෙතින්‌ නෙතක ගැටෙනා රාග සිත
ලෙවන්‌ වෙතින්‌ පිසදා හරින්නට
බියෙන්‌ සැකෙන්‌ නැගෙනා තාප ගිනි
දයා දියෙන්‌ සනහා නිවන්නට
දයා දියෙන්‌ සනහා නිවන්නට

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ..

Video thumbnail