නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ

Nim Therak Nodutu Me Lokaye

sunil edirisinghe
නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ Lyrics

නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ
රුදු සපුන්‌ නිබඳ සරණා බිමේ
නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ
රුදු සපුන්‌ නිබඳ සරණා බිමේ

ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවා  වී.. ජීවිතයේ..

රැල්‌ නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ

රැල්‌ නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු  දිය හඹා ඇවිත්‌ ගඟ
සදා සැඟව යාවී.. සාගරයේ..

සිල්‌ බිඳි මුවන්‌ කැළඹු වනේ
බිම නොලා නෙලු පල මාවතේ

සිල්‌ බිඳි මුවන්‌ කැළඹු වනේ
බිම නොලා නෙලු පල මාවතේ
සදා ඔබේ ගිම්‌ බෙදාගනිම්  මම්
තැවුල්‌ සැඟව යාවී.. මාරුතයේ..

නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ
රුදු සපුන්‌ නිබඳ සරණා බිමේ
නිම්‌ තෙරක්‌ නොදුටු මේ ලෝකයේ
රුදු සපුන්‌ නිබඳ සරණා බිමේ

ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවා වී.. ජීවිතයේ..

Video thumbnail