නුඹේ සිතට පුන්සඳ පායලා වගේ Lyrics
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ..
එදා නැගුණු ආදර කැක්කුමට මගේ..
ජාති ජාති නුඹ මට වාසනා නඟේ..
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ..
මාල පොටේ මුතු අමුණා මුවග අගේ..
දෙපෝදාට අහසේ තරු රෑන වගේ..
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ..
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ..
එදා නැගුණු ආදර කැක්කුමට මගේ..
ජාති ජාති නුඹ මට වාසනා නඟේ..
නළල් තලට මුතු තැලිපට කිමද දඟේ..
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ. .
ළතැවිල්ලට මංගල පෝරුවක් කොහේ..
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ..
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ..
එදා නැගුණු ආදර කැක්කුමට මගේ..
ජාති ජාති නුඹ මට වාසනා නඟේ..