පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් උනා Lyrics
පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් උනා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් උනා..
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් උනා..
කයිමන් දොරකඩ ඉඳපන්
මං එනතුරු සෙලෙස්තිනා..
කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරේ වැවට හඳ පෑව්වා වාගෙයි මට උඹේ සිනා..
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා..
සාන්ත බස්තියන් ඇලේ
පාරු පදිමු සෙලෙස්තිනා..
මහමංකඩ කව් මඩුවක් හහට හවසට පැවැත්වෙනා
නම් දරාපු කව්කාරයො චහි චන වග කතාවුණා..
ට්‍රැම්ප් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා..
ඉංගිරිසි රැජින වගෙයි
මට නම් උඹ සෙලෙස්තිනා..
පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් උනා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් උනා..
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් උනා..
කයිමන් දොරකඩ ඉඳපන්
මං එනතුරු සෙලෙස්තිනා..