රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ..
පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වි තියේ..
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්..
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්..
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්..
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්..
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ..
පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වි තියේ.
මව් කුසින් නොව මිහි කුසින් සිරලක උපන් විරු දරුවනේ..
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ..
නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ..
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකලේ නැත කිසි දිනේ..