සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක්‌

Sadakalika Nowu Loke Sadakalika Premayak

sunil edirisinghe
සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක්‌ Lyrics

සදාකාලික නොවු ලෝකේ
සදාකාලික ප්‍රේමයක්‌
සොයා නෙක ගමි දනව් පීරා..
ගෙවු කාලය සිහිනයක්‌

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන්‌ කඳුළින්‌ සේදිලා..

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන්‌ කඳුළින්‌ සේදිලා..
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා..

සදාකාලික නොවු ලෝකේ
සදාකාලික ප්‍රේමයක්‌
සොයා නෙක ගමි දනව් පීරා..
ගෙවු කාලය සිහිනයක්‌

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ..

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවු ලෝකයේ
සදා කෙලෙසද පෙම්  බඳින්නේ

සදාකාලික නොවු ලෝකේ
සදාකාලික ප්‍රේමයක්‌
සොයා නෙක ගමි දනව් පීරා..
ගෙවු කාලය සිහිනයක්‌

Video thumbnail