සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතු වෙද්දී..
නොපෙනෙන ඈතක අද ගෙන යනවා
සියුමැලි කැකුලක් මැල වෙද්දී..
සියුමැලි කැකුලක් මැල වෙද්දී..
දහසක් පෙති මන රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් හෙලක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දූ..
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතු වෙද්දී..
නොපෙනෙන ඈතක අද ගෙන යනවා
සියුමැලි කැකුලක් මැල වෙද්දී..
සියුමැලි කැකුලක් මැල වෙද්දී..
හදවිල ඉපැදුණු කැකුලක් නොකලත
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වු රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා..
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා..
පොපියන හදවත සිටී බලා..
සිටී.. බලා..