වන්නි වනපෙතේ.. ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරමි
වන්නි වනපෙතේ.. ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරමි
කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
වන්නි වනපෙතේ.. ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරමි
කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත්
සිත තුළ මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
වන්නි වනපෙතේ.. ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරමි
වන්නි වනපෙතේ.. ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරමි