බෝවිටියා දං පළුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ
මාදං වැහි වැහැලා නංගෝ
සිහිවන විට තොල කටද තෙමෙයි
මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ
මා යන්නේ මේ වලටයි මා අත
හැරයන්කෝ නංගෝ
බාලොලියා බෝවිටියා කන්නෝ
නරක ළමෝ නංගෝ
ඊයේ වාගේ ඕලු නෙලා ගෙන
මම එන්නම් නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ
ඒ බොරුවට මා විහිළු කළා නොවැ
තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැක
සැඟැවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා වැඩි අය
එන්න මෙහෙන් නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ
පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා
කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව දම් පැහැ වූයේ
කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ
යසයි යසයි නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ
බෝවිටියා දං පළුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ
මාදං වැහි වැහැලා නංගෝ
සිහිවන විට තොල කටද තෙමෙයි
මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ