දුදනොද බි(kukulu-hewilla)

Dudanoda Binda Kukulu Hewilla

sunil santha
දුදනොද බි(kukulu-hewilla) Lyrics

දුදනොද බිඳ බඳ තෙද කඳ.. කඳ දෙව්රද සාමිනේ..
දුදනොද බිඳ බඳ තෙද කඳ.. කඳ දෙව්රද සාමිනේ..

මගෙ කුකුළා නැසූ එකා..
මගෙ කුකුළා නැසූ එකා.. දදය ඔබගෙ පාළු යකා..
මගෙ කුකුළා නැසූ එකා.. දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක්‌ කකා.. ඉන්නට ඉඩ නොදී මකා..

බලා එ ල්ල හෙලුව හෙල්ල.. මුලමැ බෙල්ල මරු  තැනේ..

කතරගමට රුහුණු රටේ.. හිඟා කකා ලබන විටේ..
කතරගමට රුහුණු රටේ.. හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස්‌ ඇවිද  වටේ
පොළොවැ උලා නළල්‌ ඇටේ..

දිගට ඇදී..
දිගට ඇදී නැග පැහැදි
මහ හඬ දී දෙවියනේ..
දිගට ඇදී..

රනින්‌ කුකුළු රුවක්‌ පුදමි
රිදියෙන්‌ බිජු වටක්‌ පුදමි
රන්‌ දුනු හී දෙකක්‌ පුදමි
රුවට රිදී රුවක්‌ පුදමි

කතරගමේ..
කතරගම බල මහිමේ
දුටුද එමේ හැම තැනේ..
කතරගමේ..

කියමින්‌ නම කුරු ඔබගේ
බොළඳළඳුන්‌ ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින්‌ හිමි සඳුනි මගේ..

දුදනොද බිඳ බඳ තෙද කඳ.. කඳ දෙව්රද සාමිනේ..
දුදනොද බිඳ බඳ තෙද කඳ.. කඳ දෙව්රද සාමිනේ..

මට කල මෙවිපත අනේ.. බලාගන්න දෙවියනේ..
මට කල මෙවිපත අනේ.. බලාගන්න දෙවියනේ
වැජඹෙන නා මෙ විමනේ.. බලන්න නා සාමිනේ..
නා සාමිනේ..

Video thumbnail