මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌

Mal Mal Waram Harima Udaram

sunil santha
මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌ Lyrics

මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌
ගයවා.. ගයවා.. ගුවනේ..
ලංකා නම වෙනුයෙන්‌ පුරසාරම්‌
කියවා.. කියවා.. මෙදිනේ..

හෙළ මල්‌ රඟ දී පිපී නටනවා
තිසා වැවේ ඉවුරේ..
රතඹලා රදලිය රජලිය වෙනවා
සීගිරි ගිරි මැදුරේ..
සමනොල කන්දේ උඩවැඩියා මල
සීතලයෙන්‌ පිපිරේ..
මිහින්තලා ගල මලින්‌ පිරිලා
සේදේ සිල්‌ මිහිරේ..

මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌
ගයවා.. ගයවා.. ගුවනේ..
ලංකා නම වෙනුයෙන්‌ පුරසාරම්‌
කියවා.. කියවා.. මෙදිනේ..

බඹරා බඹරී නුරා නුරාගය
ඉබේ බිඳී යනවා..
මී මී පැණි පැණි වද වද රොද රොද
ඉබේ බැඳි යනවා..
මුළ ලොව සත්නගෙ විඩා කඩා හැරැ
කුසුමින්‌ නැහැවෙනවා..
කවියෙන්‌.. ගීයෙන්‌.. විරිතින්‌.. තනුයෙන්‌
අලුත්වැ පණ එනවා..

මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌
ගයවා.. ගයවා.. ගුවනේ..
ලංකා නම වෙනුයෙන්‌ පුරසාරම්‌
කියවා.. කියවා.. මෙදිනේ..

හිරු  රැස්‌ නාමින්‌ නෙළුම්‌ පිපීලා
පොකුණු හිනා වෙනවා..
මැයි ගස නන්‌ සිරි පින්‌ සිරි රුසිරින්‌
මනමාලිය වෙනවා..
බඳු වද කිණිහිරි ඉද්ද සමන්‌ මල්‌
තරඟෙට පිබිදෙනවා..
මල්‌ මල්‌ මල්‌ මල්‌ දෙගොඩ තලා මල්‌
ගඟක්‌ ගලා එනවා..

මල්‌ මල්‌ වාරම්‌ හරිමැ උදාරම්‌
ගයවා.. ගයවා.. ගුවනේ..
ලංකා නම වෙනුයෙන්‌ පුරසාරම්‌
කියවා.. කියවා.. මෙදිනේ..

Video thumbnail