මෙවන්‌ පිටිසරේ මී දුගී පැලේ

Mewan Pitisare Me Dugee Pale

sunil santha
මෙවන්‌ පිටිසරේ මී දුගී පැලේ Lyrics

මෙවන්‌ පිටිසරේ..
මී දුගී පැලේ..
වෙසෙන මිහිරි සොඳුර ඔබයි
කැලෑ මල මගේ..

ඔබෙන්‌ මිදී මටත්‌ සැපක්‌ කොයිද කුමාරී..
කැලෑ මලේ ඔබයි මගේ පරෙයි කිරිල්ලී...
මගේ පෙම්‌ ලොවේ.. පහන ඔබමැ වෙති ළඳේ..
සදා ලැගුම්‌ ගනිම්‌ ඉතින්‌.. ඔබේ තුරුල්ලේ..

ඔබේ තුරුල්ලේ.. ඔබේ තුරුල්ලේ..
සදා ලැගුම්‌ ගනිම්‌ ඉතින්‌
ඔබේ තුරුල්ලේ..

මෙවන්‌ පිටිසරේ..
මී දුගී පැලේ..
වෙසෙන මිහිරි සොඳුර ඔබයි
කැලෑ මල මගේ..

හීන්‌ ඉඟට රෝස පාට සාරියක්‌ වෙළා..
ඊට කැපෙන සේද හැටිටයක්ද අන්දවා..
සුවඳ තෙල්‌ දමා.. සමන්‌ කැකුලු වළලු ලා..
බෙදා වරල බැන්ද කලට.. හහ්‌ හ හා හහා..

(හහ්‌ හ හා හහා.. හහ්‌ හ හා හහා..
බෙදා වරල බැන්ද කලට
හහ්‌ හ හා හහා..)

මෙවන්‌ පිටිසරේ..
මී දුගී පැලේ..
වෙසෙන මිහිරි සොඳුර ඔබයි
කැලෑ මල මගේ..

හීන්‌ වළලු දෙකක්‌ කොමල අත්‌ දෙකේ හොවා..
දෙපා පියුම්‌ සදා රිදී සළඹ පළඳවා..
නළල මැදට තී.. කොකුම්‌ තිලකයක්‌ අගේ..
සරා ගතොත්‌ සරස්වති වගේ පෙනේවි..

(වගේ පෙනේවී.. වගේ පෙනේවී..
සරා ගතොත්‌ සරස්වති
වගේ පෙනෙවී..)

මෙවන්‌ පිටිසරේ..
මී දුගී පැලේ..
වෙසෙන මිහිරි සොඳුර ඔබයි
කැලෑ මල මගේ..

Video thumbnail