සුවඳ රෝස මල් නෙලා Lyrics
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ..
බඳිමි ඔබ ගෙලේ..
එන්න සුදෝ.. එන්න අනේ
එන්න මා වෙතේ..
එන්න මගේ සුරත ගන්න
පෙම් දමින් වෙළා..
පෙමහි මිහිර විඳ අපී
දිවිය ගෙවමු දෝ..
එලොව මෙලොව සියලු සැපට
පෙමමැ කරුණු වේ..
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ..
බඳිමි ඔබ ගෙලේ..
ගිරා හඬත්.. කොහෝ හඬන්
කෝකිල නාදේ..
සමග රැගෙන මැවුණු රිදී
හඬක් මෙන් අගේ..
සොඳුර නුඹගෙ කටහඬ
ලලිත සුමිහිරි..
එන්න අනේ මා නලවා
යන්න ප්‍රියබඳේ..
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ..
බඳිමි ඔබ ගෙලේ..