අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී Lyrics
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී..
ඒ ඉර හඳන් නුඹේ ලෝකය එළිය වුණී..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී..
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී..
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුණේ..
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ඉලේ කිරී නොවුණේ..
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..