අඳුරු කුටිය තුළ දොරගුලු ලාගගෙන

Anduru Kutiya Thula

t m jayarathna
අඳුරු කුටිය තුළ දොරගුලු ලාගගෙන Lyrics

අඳුරු කුටිය තුළ
දොරගුලු ලාගගෙන
ගයන ගීතිකා.. යදින යාතිකා
දෙවියන්‌ හට නෑසේ
ඒ.. දෙවියන්‌ හට නෑසේ..

පොළොව කොටන තැන
පාර තනන තැන
ගිනියම්‌ අව්වේ.. මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ..
දෙවියෝ වැඩ ඉන්නේ..

බලන්‌ කඩතුරා හැර දෑසේ..
බලන්‌ කඩතුරා හැර දෑසේ..

සිනිදු සුවැති සළු සිරසින්‌ හැරදා
දුවිලි මඩ වැකි පිළි ගත පලඳා..
දෙවියන්‌ රුව දක්නට හැක්කේ. .

අඳුරු කුටිය තුළ
දොරගුලු ලාගගෙන
ගයන ගීතිකා.. යදින යාතිකා
දෙවියන්‌ හට නෑසේ
ඒ.. දෙවියන්‌ හට නෑසේ..

පොළොව කොටන තැන
පාර තනන තැන
ගිනියම්‌ අව්වේ.. මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ..
දෙවියෝ වැඩ ඉන්නේ..

බලන්‌ කඩතුරා හැර දෑසේ..
බලන්‌ කඩතුරා හැර දෑසේ..

කුසුම්‌ සඳුන්‌ දුම්‌ සුවඳින්‌ වැළකි
ගත නැගි ඩා දිය සුවඳින්‌ සැරසී..
දෙවියන්‌ හා එක්විය හැක්කේ..

අඳුරු කුටිය තුළ
දොරගුලු ලාගගෙන
ගයන ගීතිකා.. යදින යාතිකා
දෙවියන්‌ හට නෑසේ
ඒ.. දෙවියන්‌ හට නෑසේ..

පොළොව කොටන තැන
පාර තනන තැන
ගිනියම්‌ අව්වේ.. මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ..
දෙවියෝ වැඩ ඉන්නේ..

බලන්‌ කඩතුරා හැර දෑසේ..
බලන්‌ කඩතුරා හැර දෑසේ..
බලන්‌ කඩතුරා හැර දෑසේ..
බලන්‌ කඩතුරා හැර දෑසේ..

Video thumbnail