අව්වට වැස්සට හුරු මිනිසුන්නේ Lyrics
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුණේ
ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ
දාගැබ් මහ වැව්
කලා නිකේතන
නුඹලා දෑතිනි
මිහි මත මැවුනේ..
ඒ නුඹලාටයි.. මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව ඇරුණේ
මොන රජ මැදුරෙද බත්පත බෙදුනේ..
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුණේ
ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ
රජ සැප විඳිනට
රජ දරුවන් හට
නුඹලා දෑතිනි
මන්දිර මැවුනේ..
ඒ නුඹලාගේ.. දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
මොන රජ දරුවද පැලකට වැඩියේ..
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුණේ
ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ