හදිස්සියේ හනි හනිකට පය තබනා

Hadissiye Hani Hanikata

t m jayarathna
හදිස්සියේ හනි හනිකට පය තබනා Lyrics

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා
හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා

දෑස සලා කිංකිණි නද දෙවන්නී
දෑස සලා මොන මොනවද කියන්නී
යටින්‌ හොරෙන්‌ එබිකම්‌ කර බලන්නී
ළඳේ නුඹයි මගේ දුක්‌ ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා
හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා

රෑන කිතුල්‌ මල පිටමැද හෙලන්නී
සිහින්‌ පබළු වැල්‌ ගෙල වට බදින්නී
කෝල නැවුම්‌ සිනා දැලක්‌ එළන්නී
ළඳේ නුඹයි මගෙ දුක්‌ ගිනි නිවන්නී

හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා
හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා

Video thumbnail