කුරහන් යායේ.. සඳ උතුරා ගෙන Lyrics
කුරහන් යායේ.. සඳ උතුරා ගෙන
හිතට දුකක් ගලනා වේලේ. .
රෑ තුන් යාමේ.. ගැයෙනා මේ ගී..
නුඹට ඇසේවා සුදු නෑනේ..
එදා වගේ සැඳෑ අඳුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවණ සදනවා..
කීව කතා රහසේ යළි සිතට නැගෙනවා
කුරහන් යායේ.. සඳ උතුරා ගෙන
හිතට දුකක් ගලනා වේලේ. .
රෑ තුන් යාමේ.. ගැයෙනා මේ ගී..
නුඹට ඇසේවා සුදු නෑනේ..
මගේ පැලේ හිනැහී ගෙන
සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා..
ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා
කුරහන් යායේ.. සඳ උතුරා ගෙන
හිතට දුකක් ගලනා වේලේ. .
රෑ තුන් යාමේ.. ගැයෙනා මේ ගී..
නුඹට ඇසේවා සුදු නෑනේ..