මේ අයුරින්‌ අපි සංසාරේ ආදරයෙන්‌ හමුවෙන්න ඇතී

Me Ayurin Api Sansare

t m jayarathna
මේ අයුරින්‌ අපි සංසාරේ ආදරයෙන්‌ හමුවෙන්න ඇතී Lyrics

මේ අයුරින්‌ අපි.. සංසාරේ..
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..
මේ අයුරින්‌ අපි.. දවසක්‌ දා..
සසර මගදි වෙන්‌ වෙන්න ඇතී..

සාලිය මාලා පෙම්‌ බැඳි දා මම
සිටු කුමරෙකු වී නේන ඇතී..

ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී..

මේ අයුරින්‌ අපි.. සංසාරේ..
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..
මේ අයුරින්‌ අපි.. දවසක්‌ දා..
සසර මගදි වෙන්‌ වෙන්න ඇතී..

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇතී..

සාගර ජලයත්‌ මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැතී..

මේ අයුරින්‌ අපි.. සංසාරේ..
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..
මේ අයුරින්‌ අපි.. දවසක්‌ දා..
සසර මගදි වෙන්‌ වෙන්න ඇතී..

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුළින්‌ සේදෙන්න ඇතී..

එදත්‌ මගේ දුක්‌ ආයාචනයට
අද මෙන්‌ ඔබ හිනැහෙන්න ඇතී..

මේ අයුරින්‌ අපි.. සංසාරේ..
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..
මේ අයුරින්‌ අපි.. දවසක්‌ දා..
සසර මගදි වෙන්‌ වෙන්න ඇතී..

Video thumbnail