නොබලන්‌ කුමරිය නිසසල මා දෙස

Nobalan Kumariya Nisasala Ma Desa

t m jayarathna
නොබලන්‌ කුමරිය නිසසල මා දෙස Lyrics

නොබලන්‌ කුමරිය
නිසසල මා දෙස
සසල ඔබේ.. දෙනෙතින්‌

ආදර පවනින්‌
නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතින්‌

ළඳකගෙ සෙනෙහස
නොපතමි කිසිදා
නිදහස අගයන්නෙමි..

ළඳකගෙ සෙනෙහස
නොපතමි කිසිදා
නිදහස අගයන්නෙමි..

නුරා පිරුණු නෙත්‌
වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්‌..

නොබලන්‌ කුමරිය
නිසසල මා දෙස
සසල ඔබේ.. දෙනෙතින්‌

ආදර පවනින්‌
නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතින්‌

සුපුරුදු තනිකම
පාළුව මිහිරි
හිඳිනෙමි සැනසිල්ලෙන්‌..

සුපුරුදු තනිකම
පාළුව මිහිරි
හිළිනෙමි සැනසිල්ලෙන්‌..

ආදර රැහැනින්‌
මහද වෙළන්නට
ඔබ හට නොහැක ඉතින්‌..

නොබලන්‌ කුමරිය
නිසසල මා දෙස
සසල ඔබේ.. දෙනෙතින්‌

ආදර පවනින්‌
නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතින්‌

Video thumbnail