සොවින්‌ බර නුවන්‌ විදාලා

Sowin Bara Nuwan Widala

t m jayarathna
සොවින්‌ බර නුවන්‌ විදාලා Lyrics

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ..
ගියේ ඇයි මෙසේ බිඳීලා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ..
ගියේ ඇයි මෙසේ බිඳීලා

හදේ ජනිත වු අමාවන්‌
සැබෑ ආදරේ අපේ
මුසාවන්‌ නිසා අනුන්ගේ
බිඳීලා ගියා..

අහංකාර වු සිනාවෙන්‌
අපේ ආදරේ දවාළු
ලොවේ චෝදනා නිසා
මැවෙයි වේදනා..

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ..
ගියේ ඇයි මෙසේ බිඳීලා

සදාතනික වු හැඟීමෙන්‌
මගේ ජීවිතේ පුරා
යාවුණා කියා සිතු මුත්
ඔබේ ආදරේ..

කඳුළින්‌ කොපුල්‌ තෙමාලු
මගේ ආදරේ මකාලු
ඔබේ චේතනා නිසා
සිතේ වේදනා..

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ..
ගියේ ඇයි මෙසේ බිඳීලා

සොවින්‌ බර නුවන්‌ විදාලා
තැවුල්‌ පැවසුවා හඬාලා
යොවුන්‌ ආදරේ අපේ..
ගියේ ඇයි මෙසේ බිඳීලා..

Video thumbnail