බොල්පිනි වෑහෙන වේලාවේ

Bol Pini Wahena Welawe

rookantha gunathilake
බොල්පිනි වෑහෙන වේලාවේ Lyrics

බොල්පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන්‌ සමුගෙන යා යුතුවේ
තාමත්‌ ඔබ ඇත සුව  නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල්පිණි වෑහෙන වේලාවේ..

ගැලපිට නැගලා ඈත ගම්බලා
පියමන්‌ කර..වන්නේ..
තවත් ඉව අනෙකු ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ..
ඔබගෙන්‌ සමුගෙන මා යන්නේ..

ඔබ අවදිව මා.. සොයනු එපා දැන්‌
ඈතයි මා ඉන්නේ..
තවලං කරුවෝ.. කවරදාක දෝ
එකම තැනක උන්නේ..

බොල්පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන්‌ සමුගෙන යා යුතුවේ
තාමත්‌ ඔබ ඇත සුව  නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල්පිණි වෑහෙන වේලාවේ..

Video thumbnail