හිරු මල්‌.. කිනිත්තක්‌ දරා

Hiru Mal Kiniththak Dara

umaria sinhawansa
හිරු මල්‌.. කිනිත්තක්‌ දරා Lyrics

හිරු මල්‌.. කිනිත්තක්‌ දරා
සිහිලැල්‌.. පියාපත්‌ සලා..
සුළඟින්‌.. හොරෙන්‌ මග අසා..
එන්නම්‌.. සැණින්‌ ඔබ සොයා..

මතකෙන්‌.. ඉඩක්‌ ඉල්ලලා..
තුරුලෙන්‌.. ලැගුම්‌ ගෙන එදා..
හසරැල්‌.. ලොවක්‌ හිත මවා..
හෙට මා.. ඔයාගෙ වෙනවා..
හෙට මා.. ඔයාගෙ වෙනවා..

සුපෙම්‌ භාවනාවක්‌ වාගේ
මගෙ දෙස බලා..
කියා දෙන්න ඔබගෙ සෙනෙහස
කොතෙක්‌ දැයි කියා..

අහංකාර මාගේ හිත දැන්‌
ඔබේ ළඟ තමා..
නොදන්නවා වාගෙ ඈතින්‌
තවත්‌ ඉන්නෙපා..

හිතේ මැවුන ප්‍රේම කවියේ
හිඩැස්‌ තැන්‌ මකා..
හිඳින්නට හිතයි සුවසේ
තුරුල්‌ වී සදා..

රැයේ දුටුව හීන රහසේ
හැබෑ වී මෙදා..
පුරුද්දක්ද මේ දිවියේ
මටනත්‌ නොහැඟුනා..

පහන්‌ තාරුකාවක්‌ වාගේ
හදේ පායලා..
ගිලන්‌ පෙම් පැතුම්‌ හිත පතුලේ
කොනහේටද වෙලා..

නෙතින්‌ වැටුණු කඳුළැල්‌ ඔබගේ
අතින්‌ පිස දමා..
සිනාසෙන්න ආසයි හැම කල්‌
ඔබේ ලොව පුරා..

පහන්‌ ටැඹ වෙලා දිවි ගමනේ
නවාතැන්‌ සොයා..
රැඳෙන්නට හිතයි සෙවණේ
සුසුම්‌ හැර දමා..

ඔබෙන්‌ ලැබුණ ආදරේ නම්
අනන්තෙට එහා..
පුරුද්දක්ද මේ දිවියේ
මටනත්‌ නොහැඟුනා..

හිරු මල්‌.. කිනිත්තක්‌ දරා
සිහිලැල්‌.. පියාපත්‌ සලා..
සුළඟින්‌.. හොරෙන්‌ මග අසා..
එන්නම්‌.. සැණින්‌ ඔබ සොයා..

මතකෙන්‌.. ඉඩක්‌ ඉල්ලලා..
තුරුලෙන්‌.. ලැගුම්‌ ගෙන එදා..
හසරැල්‌.. ලොවක්‌ හිත මවා..
හෙට මා.. ඔයාගෙ වෙනවා..
හෙට මා.. ඔයාගෙ වෙනවා..

Video thumbnail