මාගේ.. පැතුමන්‌ නිසොල්මන්‌ කළා..(ආයාචනා)

Mage Pathuman Nisolman Kala Ayachana

umaria sinhawansa
මාගේ.. පැතුමන්‌ නිසොල්මන්‌ කළා..(ආයාචනා) Lyrics

මාගේ.. පැතුමන්‌ නිසොල්මන්‌ කළා..
වාගේ.. නොගැයු සුපෙම්‌ ගායනා..
සියොලඟ දෑලේ.. දැනුණා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ.. කඳුළින්‌ කීවේ
දැනුණාද සංවේදනා..
මාගේ.. පැතුමන්‌ නිසොල්මන්‌ කළා..
වාගේ.. නොගැයු සුපෙම්‌ ගායනා..

දින දින හද දොර හැර මාගේ
පෙම් සිත දවනා රළු රාගේ
හඬවා.. කඳුළින්‌ මා තෙත්‌ කළා..
මලකින්‌ මත්‌ බඹරෙකු වාගේ
සිතඟින්‌ සැලුවා ගුම්‌ නාදේ
ඇසුනා.. මුවගින්‌ ඔබෙ සදා..
සියොලඟ දෑලේ.. දැනුණා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ.. කඳුළින්‌ කීවේ
දැනුණාද සංවේදනා..

සඟවා පෑ මුදු මදහාසේ
ගිනි ගෙන සිතිවිලි පොද වෑහේ
ඔබ මා.. සිතැගින්‌ මුලා කළා..
කතරක්‌ බඳු මේ යහනාවේ
මිරිඟුව දැක සැතපුණු යාමේ
මිදුණා.. දැහැනින්‌ මුලා වෙලා..
සියොලඟ දෑලේ.. දැනුණා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ.. කඳුළින්‌ කීවේ
දැනුණාද සංවේදනා..

මාගේ.. පැතුමන්‌ නිසොල්මන්‌ කළා..

Video thumbnail