ඉවසිල්ලක්‌ නෑ දකින තුරා..

Iwasillak Na Dakina Thura

upali kannangara
ඉවසිල්ලක්‌ නෑ දකින තුරා.. Lyrics

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක්‌ නෑ.. ලැබෙන තුරා..
මට ඔය දෑත නගේ..

ඇස්වචහා නෑ කටවහා නෑ..
නුඹෙ රෑපෙට උපමා නෑ..
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා..

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..

දුටුව දිනේ.. මන බැඳුණේ.. නුඹ දඟකාර නිසා..
තවත්‌ අගේ.. වැඩි වෙන්නේ.. ආඩම්බර හින්දා..
හඳක්‌ වගේ. . සුදු මුහුණේ.. ඇඳෙන සිනා දැකලා..
මටත්‌ හොරා.. බොළඳ මගේ.. හිත මනමාල වෙලා..

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක්‌ නෑ.. ලැබෙන තුරා..
මට ඔය දෑත නගේ..

මල්‌ වයසේ.. සමනලියේ.. නුඹෙ ආදරය පතා..
මම එන්නේ.. හද පතුලේ.. ඇති ආදරේ නිසා..
හැම මොහොතේ.. ළතවිල්ලේ.. මම ඉන්නේ ඉවසා..
හැංගන්නේ.. ඇයි කෙල්ලේ.. ආදර හිත හංගා..

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක්‌ නෑ.. ලැබෙන තුරා..
මට ඔය දෑත නගේ..

ඇස්වචහා නෑ කටවහා නෑ..
නුඹෙ රෑපෙට උපමා නෑ..
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා..

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක්‌ නෑ.. ලැබෙන තුරා..
මට ඔය දෑත නගේ..

ඉවසිල්ලක්‌ නෑ.. දකින තුරා..
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක්‌ නෑ.. ලැබෙන තුරා..
මට ඔය දෑත නගේ..

Video thumbnail