කිරි වැදුණු ගොයම මෙන්න පැසීලා..
ඔය නියර දිගේ පෙළට වරෙල්ලා..
හැම දෙවියෝ සිහි කරපල්ලා..
රන් දෑකැති අතට ගනිල්ලා..
මෙදා කුඹුර සරුයි නගේ.. අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා..
මෙදා කුඹුර සරුයි නගේ.. අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා..
කිරි වැදුණු ගොයම මෙන්න පැසීලා..
ඔය නියර දිගේ පෙළට වරෙල්ලා..
හැම දෙවියෝ සිහි කරපල්ලා..
රන් දෑකැති අතට ගනිල්ලා..
හැම දෙවියෝ සිහි කරගෙන..කරල් අහුරු පීරාගෙන
රන් දෑකැති අතට ගන්ල්ලා..
හැම දෙවියෝ සිහි කරගෙන..කරල් අහුරු පීරාගෙන
රන් දෑකැති අතට ගන්ල්ලා..
ගිරවු ගියේ නෑ.. හඳ හාවෝ ගියේ නෑ..
බොල් අහුරක් නෑ.. කටවහක් වැදී නෑ..
ගංවතුරක් නෑ.. හැඩ හුළඟක් හෙම නෑ..
කිසි සැකයක් නෑ.. මෙදා අග හිඟයක් නෑ..
කවුද කවුද රන්මලියේ.. මඩ ගෑවේ උඹෙ නෙරියේ
විහිළු තහළු හෙට තියපල්ලා..
කවුද කවුද රන්මලියේ.. මඩ ගෑවේ උඹෙ නෙරියේ
විහිළු තහළු හෙට තියපල්ලා..
කිරි වැදුණු ගොයම මෙන්න පැසීලා..
ඔය නියර දිගේ පෙළට වරෙල්ලා..
හැම දෙවියෝ සිහි කරපල්ලා..
රන් දෑකැති අතට ගනිල්ලා..
මෙදා කුඹුර සරුයි නගේ.. අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා..
මෙදා කුඹුර සරුයි නගේ.. අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා..
කට ඇද වෙන්නේ.. ඇස් නැට වෙන්නේ..
පද පැටලෙන්නේ.. ඉතින් මොකද කරන්න්..
පුංචි නිලමෙලා.. යසෝ මැණිකෙලා..
කෙතට ගොඩ වෙලා.. වැඩේ මඩ කළා..
කළු මැණිකා බැඳි කොණ්ඩේ.. ඇයි කොල්ලෝ උඹ ඇද්දේ..
ඒ කෙල්ලගෙ ඇස් රතු වෙනවා..