පාරට කිට්ටුව දෙල්‌ ගස මුදුනේ

Parata Kittuwa Del Gasa Mudune

upali kannangara
පාරට කිට්ටුව දෙල්‌ ගස මුදුනේ Lyrics

පාරට කිට්ටුව දෙල්‌ ගස මුදුනේ
රට වටිනා ලිය දෙල්‌ නෙලනා..
අතේ තිබුණු රන්‌ සුළැඟිලි තණ්ඩිය
අත්තෙන්‌ අත්තට මාරුවෙනා..
අත්තෙන්‌ අත්තට මාරුවෙනා..

කනේ තිබුණු රන්‌ පුස්කොළ තෝඩුව
ගුවන්‌ තලේ උඩ නද කරනා..
අම්මාට පින්‌ නැත මේ දුව තැනුවාට
මහා මුහුදේ බැස දිය නානා..
මහා මුහුදේ බැස දිය නානා..

මුහුණ මුකුලු මුවරද ළඳුනේ මාගෙ
මුහුණ බලන්‌ නැති කරුණ කිමා..
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන්‌ කල කාරණා කිමා..
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන්‌ මෙන්න මෙමා..
මුහුණ බලාපන්‌ මෙන්න මෙමා..

ඉන්න හිටින්නට ගේදොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තේ සොඳින්‌..
කන්න අඳින්නට දෙන්නට හැක මට
අම්මාට බය නැතී වෙන්ට කියන්‌..
දෙන්න කියන්‌ කරකාදේ බඳින්නට
නැකතට එන බක්මහට කලින්‌..
නැකතට ඒන බක්මහට කලින්‌..

පාරට කිට්ටුව දෙල්‌ ගස මුදුනේ
රට වටිනා ලිය දෙල්‌ නෙලනා..
අතේ තිබුණු රන්‌ සුළැඟිලි තණ්ඩිය
අත්තෙන්‌ අත්තට මාරුවෙනා..
අත්තෙන්‌ අත්තට මාරුවෙනා..

කනේ තිබුණු රන්‌ පුස්කොළ තෝඩුව
ගුවන්‌ තලේ උඩ නද කරනා..
අම්මාට පින්‌ නැත මේ දුව තැනුවාට
මහා මුහුදේ බැස දිය නානා..
මහා මුහුදේ බැස දිය නානා..
මහා මුහුදේ බැස දිය නානා..
මහා මුහුදේ බැස.. දිය නානා..

Video thumbnail