සඳ රේණු ඔබෙ නයනේ.. Lyrics
සඳ රේණු ඔබෙ නයනේ..
ඇඳි ආදරේ සිහිනේ..
සුවඳින් පිර කුසුමක් ලෙසේ
මගෙ ආදරෙ රැඳුණේ..
සඳ රේණු ඔබෙ නයනේ..
ඇඳි ආදරේ සිහිනේ..
සුවඳින් පිර කුසුමක් ලෙසේ
මගෙ ආදරෙ රැඳුණේ..
තරු හා එතී.. සඳු හා වෙළි
සැඟවී ඔබයි සිටියේ..
සිත ආදරේ පැතුමන් පුරා
රහසේ ඔබයි ආවේ..
හසරැල් සලා මා දෙස බලා
පවසන්න සිත සෙනෙනේ..
මගෙ ලෝකයේ දිලෙනා සදා
සඳ වෙන්න හද අඹරේ..
සඳ රේණු ඔබෙ නයනේ..
ඇඳි ආදරේ සිහිනේ..
සුවඳින් පිර කුසුමක් ලෙසේ
මගෙ ආදරෙ රැඳුණේ..
සඳ රේණුවේ මගෙ ආදරේ
මියැදී නොයේ කිසිදා..
පිපිලා මගේ හද අසපුවේ
හිනැහෙන්නෙ ඔබ සැමදා..
සුසුමන් හෙළා කඳුළැල් සලා
නොහඬන්න යළි කිසීදා..
සංසාරයේ අපි ආදරෙන්
ඉඳිමූ සදා බැඳිලා..
සඳ රේණු ඔබෙ නයනේ..
ඇඳි ආදරේ සිහිනේ..
සුවඳින් පිර කුසුමක් ලෙසේ
මගෙ ආදරෙ රැඳුණේ..
සඳ රේණු ඔබෙ නයනේ..
ඇඳි ආදරේ සිහිනේ..
සුවඳින් පිර කුසුමක් ලෙසේ
මගෙ ආදරෙ රැඳුණේ..