Ahasin Eha Tharu Mal Dige Lyrics
අහසින් එහා.. තරු මං දිගේ..
පියඹන්න දැන්.. විහඟෙකු ලෙසින්..
අහසින් එහා.. සිහිනය දිගේ..
පියඹන්න නම්.. ආසයි ඉතින්..
හිත කලඹමින්.. හැඟුමන් එබී..
ඔච්චම් කලේ.. කවදාක හෝ..
නොදැනුණු ලෙසින්.. හද ගී පොතේ..
සත්සර නැගේ..
ඒ ආදරේ..
සිතුව්ලි කුසුම්.. විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ..
ඔබගේ හඬින්.. විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ..
දවසක උතුම්.. කිරුළක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්
හිත කලඹමින්.. හැඟුමන් එබී..
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුණු ඉලලෙසින්..
අහසින් එහා.. තරු මං දිගේ..
පියඹන්න දැන්.. විහඟෙකු ලෙසින්..
අහසින් එහා.. සිහිනය දිගේ..
පියඹන්න නම්.. ආසයි ඉතින්..
හිත කලඹමින්.. හැඟුමන් එබී..
ඔච්චම් කලේ.. කවදාක හෝ..
නොදැනුණු ලෙසින්.. හද ගී පොතේ..
සත්සර නැගේ..
ඒ ආදරේ..