Pamawee Pipunu Mal Suwandai Lyrics
පමා වී.. පිපුණු මල් සුවඳයි..
පමා වී.. පිපුණු මල් සුවඳයි..
පිපුණි දෙතැනක ඒ නමුත්
සුවඳ ළෙන්ගතුමයි..
හිතට හිතැතිව ගලා යන සුළඟේ..
හිතා ගන්නට බෑ..
කුමන මලට ද.. කුමන සුවඳට දෝ..
හද පියන්පත් හැර දමන්නේ..
සිහින.. නගරේ.. සිලිටි සඳ එළියේ..
දෝර ගලනා.. මතකයේ..
සිනිදු පිනි අග පිපී නැලැවෙන
මලකි මා.. මලකි මා ඔබගේ..
පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ..
දිය කඳුරු ඉවුරේ..
පිනි කඳුළු මත උදා අරුණත
හුදකලාවට සිනා මුසුකල
මලකි මා.. මලකි මා ඔබගේ..
පමා වී.. පිපුණු මල් සුවඳයි..
පිපුණි දෙතැනක ඒ නමුත්
සුවඳ ළෙන්ගතුමයි..
ඒ මමයි.. ඒ මමයි ඔබට මතකයි නම්..
පමා වී.. පිපුණු මල් සුවඳයි..
පිපුණි දෙතැනක ඒ නමුත්
සුවඳ ළෙන්ගතුමයි..
ඒ මමයි.. ඒ මමයි ඔබට සිතුනා නම්..
කුමන මලට ද.. කුමන සුවඳට දෝ..
හද පියන්පත් හැර දමන්නේ..