Niwan Dutu Himi Ruwan Piliruwa

Niwan Dutu Himi Ruwan Piliruwa

victor rathnayake
Niwan Dutu Himi Ruwan Piliruwa Lyrics

නිවන්‌ දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වුයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසුයේ හිමිගේ හඬින්‌ නොව
අනේපිඩු සිටු පුතුට මෙන්‌..
අනේ හිමියනි මටද දැන්‌..
දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)

ගලක්‌ වී නම්‌ මමත්‌ ඉවසමි
යකුළු පහරද කැපී වෙන්‌ වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවකු අතින්‌ ලැබෙනා
එයින්‌ හිමි හු  කළා වු
ශාන්තිය මට ලැබේවා..

මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)

මලක්‌ වන්නට නොහැක හිමියනි
මිනිස්‌ බව ලැබ සිටින මා හට
මලක්‌ අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මා හට
මලක්‌ වු දා මගේ ජීවය
ඔබේ පාමුල පරවුණා වේ..

නිවන්‌ දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වුයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසුයේ හිමිගේ හඬින්‌ නොව
අනේපිඩු සිටු පුතුට මෙන්‌..
අනේ හිමියනි මටද දැන්‌..
දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..(මහා කරුණාවෙන්‌..)
මහා කරුණාවෙන්‌..

Video thumbnail