Pembara Madu Mage

Pembara Madu Mage

victor rathnayake
Pembara Madu Mage Lyrics

පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන්‌ මිදුනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..

ලොවෙහි ඈත අනන්තේ
පැලක්‌ තුලේ නොපෙනි
ඇතත්‌ හොරෙන්‌ හැංගීලා
මගේ දුකත්‌ නොදැනී

අරන්‌ එමී ඔබ කැන්දා
ඇසිල්ලකින්‌ පැමිණි
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..

වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල්‌ යහනාවේ
හාවා පෙමින්‌ සිතුසේ

පවන්‌ සලා ඔබ සනසමි
ළදල්ලකින්‌ සුවසේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..

අපේම පාළු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින්‌ මත්වීලා
ඔබේ දෙතොල්‌ බඳුනේ

විඳින්නේ මී රස මදිරා
පෙරුම් පි‍රූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..

Video thumbnail