Sasara Sari Sarana Thek

Sasara Sari Sarana Thek

victor rathnayake
Sasara Sari Sarana Thek Lyrics

ඔබෙ දෙතොල්‌ පෙති ලිහී පිපුණු හසරැල්‌ විලේ
හද දියව ගලා යයි රැලි ලමින්‌ සැලි සැලී
මෙවන්‌ සුව පෙර නොවිඳි තුන්‌ සිතම සලිත වෙයි
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු මතතර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස්‌ ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන්‌ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක්‌ දළු දමා වසන්තය එළඹිලා
මද පවන්‌ රැල්‌ වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල්‌ ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන්‌ පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන්‌ වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්‌ තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින්‌ එක් උනත්‌ ගතින්‌ දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

Video thumbnail