Sihina Sathak Dutuwemi Mama

Sihina Sathak Dutuwemi Mama

victor rathnayake
Sihina Sathak Dutuwemi Mama Lyrics

සිහින සතක්‌ දුටුවෙමි මම
සත්‌ දවසක්‌ එක විලසින්‌
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ..
සිඟන්නියක සේ..

සිහින සතක්‌ දුටුවෙමි මම
සත්‌ දවසක්‌ එක විලසින්‌
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ..
සිඟන්නියක සේ..

ඔබ මගෙ පැල්පනට පැමිණ
ආයාචනයක්‌ කරමින්‌

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක්‌ කරමින්‌
පීවත්‌ වන්නට කිසිවක්‌
ඉල්ලා සිටියා

කිසිවක්‌ දෙන්නට මට නැත
තිබුණේ පිරිසිඳු හදවත

කිසිවක්‌ දෙන්නට මට නැත
තිබුණේ පිරිසිඳු හදවත
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්‌
ඔබ අද මට වැඩි පොහොසත්‌

එදා මගේ හද අරගත්‌
ඔබ අද මට වැඩි පොහොසත්‌
ඒ හින්දා මටත්‌ එලෙස
පිහිටවනු මැනේ..

ඒ හින්දා මටත්‌ එලෙස
පිහිටවනු මැනේ..

Video thumbnail