Thotupola Aine Kauda Atha Wanane

Thotupola Aine Kauda Atha Wanane

victor rathnayake
Thotupola Aine Kauda Atha Wanane Lyrics

තොටුපළ අයිනේ.. කවුද අත වනන්නේ..
කවුද අත වනන්නේ..තොටුපළ අයිනේ..

තොටුපළ අයිනේ.. කවුද අත වනන්නේ..
කවුද අත වනන්නේ..තොටුපළ අයිනේ..

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවණේ..
හබල බිඳිලා..
හබල බිඳිලා.. පෙරළුනු ඔරුවක
සුන්බුන්‌ නෙත දැවටේ..
ඒ දෙස නොබලමි..
ඒ.. දෙස නොබලමි
තොටුපළ අයිනේ.. කවුද අත වනන්නේ..

ආ මඟ අඳුරේ පෙරමඟ එගොඩින්‌
තරු යුවලක්‌ ඇවිලේ..
ඔරු කඳ ඇතුලේ..
ඔරු කඳ ඇතුලේ. . නුපුරුදු සුවඳක්‌
දියමංකඩ විසිරේ..
හෙට මම හිනැහෙමි..
හෙට මම හිනැහෙමි
තොටුපළ අයිනේ.. කවුද අත වනන්නේ..

තොටුපළ අයිනේ.. කවුද අත වනන්නේ..
කවුද අත වනන්නේ..තොටුපළ අයිනේ..

Video thumbnail