ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී..
හද සන්තක විය අනුහස් ආසිරි ගී..
ඔබ හමුවේ මා.. මුව ගොළු වුවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ..
ඉහ දේදර පිපි ප්‍රාර්ථනා සිහිනේ..
පිබිදුණි ආශා.. ගිනි සිළු සේමා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා..
සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා..
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ..
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ..
මා හද රහසේ.. බැඳුණා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ..
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ..
ඔබ රුව ඡායා.. සැඟවේ පායා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා..
සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා..
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ඔබ රුව ඡායා.. සැඟවේ පායා
ඔබ රුව ඡායා.. සැඟවේ පායා..