පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලේ පාවෙයි ඔහේ ලෝකයේ
බඹරය වැල්ලේ කරකන්නම්
ලෝකය අල්ලේ නටවාලා..
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ
පෙට්ටගමක් උඩ තට්ටු දෙකක් ඇත නංගියේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා..
දැන් අපි ආවේ ගොඩ බැහැලා..
අපි ආයේ එයි කියලා
හිතුවාද උන්නැහේලා
වෙර ඇත්තේ මේ දෑතේ..
හෝ.. පම්පොරි නවතාලා
අපි ඉඳිමු හිනැහීලා
රජ දූතයෝ වාගේ..
රජ දූතයෝ වෙන්නම්
ජය ගන්න සුදානම්
නෑ පැරදුණේ..
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා..
දැන් අපි ආවේ ගොඩ බැහැලා..
පණ කෙන්ද මහ පාරේ
මග දාලා නෑ යන්නේ
ඒ සෙල්ලම් බෑ මල්ලී..
ඔව්.. ඔව්.. ඔව්.. වැලි ඩිංග මිට මොලවා
දිය ගන්න මං හපනා
බොරු නෑ රජෝ.. අපේ..
රන් කූඩුවේ ආයේ..
මට ඉන්න ඕනෑ නෑ..
ඇහුණාද මේ..
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ
බඹරය වැල්ලේ කරකන්නම්
ලෝකය අල්ලේ නටවාලා..
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ
පෙට්ටගමක් උඩ තට්ටු දෙකක් ඇත නංගියේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා..
දැන් අපි ආවේ ගොඩ බැහැලා..