Paya Seetha Raye Lyrics
පායා සීත රැයේ..
පාවී නිල් අඹරේ..
දිලෙනා තරුවේ
තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ..
තනි තරුවේ.. ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
තනි තරුවේ.. ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ.. නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
පායා සීත රැයේ..
පාවී නිල් අඹරේ..
දිලෙනා තරුවේ
තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ..
මද පවනේ.. රැඳි විලසින්
හඬ නාම ඇසේ ඇයගේ
මද පවනේ.. රැඳි විලසින්
හඬ නාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ.. මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ
පායා සීත රැයේ..
පාවී නිල් අඹරේ..
දිලෙනා තරුවේ
තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ..