Rallen Rallata Pawena Oruwe

Rallen Rallata Pawena Oruwe

vijaya kumaranatunga
Rallen Rallata Pawena Oruwe Lyrics

(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..)

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම්‌ දියඹට රෑ යාමේ

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම්‌ දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා.. දෙවියො රකීවා
එනතුරු මා උදේ මා..

(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..)

ගොම්මන්‌ රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ..
යන්නම්‌ ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ..

දුර වෙරළේ.. මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වු පන්‌ පැදුරේ
තනිවේ මා.. සාගරයේ..

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරැචේ
යන්නම්‌ දියඹට රැ යාමේ

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම්‌ දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා.. දෙවියො රකීවා
එනතුරු මා උදේ මා..

(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..)

ලන්තෑරුම්  එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා..
මන්දාරම්‌ වැහි ඈතින්‌  එනවා
මුහුදේ ජල කළඹා..

අසරණයෝ.. මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා.. සාගරයේ..

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම්‌ දියඹට රෑ යාමේ

රැල්ලෙන්‌ රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම්‌ දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා.. දෙවියො රකීවා
එනතුරු මා උදේ මා..

(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..
(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..
(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..
(හෝ.. හෝ.. හෝ.. හෝ..හෝ.. හෝ.. හෝ..)

Video thumbnail