වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ..
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ..
වතුර මලෙන් නා දොල අමතක කර
දූලි සුළං විඳ වෙල අමතක කර..
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අබියසට ගමු අපි සුරපුර
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ..
නගර දනව් මැද සුවිසල් මන්දිර
අතර උපන් රට නොරටුන් ළං කර..
පඳුරු පතොක් කටු අතගා උල් කර
ව්නෝද වෙමු අපි ලේ මස් දියකර
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ..
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ..