Aradhana (Jeewithaye Thani Mansala) Lyrics
ආරාධනා..ආරාධනා..
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා..ආරාධනා..
නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වුදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා..
ආරාධනා..ආරාධනා..
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ.. යළිදු උපන්නෙම්
බිඳුණු ඒවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා..ආරාධනා..