Hanthana Kandu Muduna Sisara

Hanthana Kandu Muduna Sisara

w d amaradeva
Hanthana Kandu Muduna Sisara Lyrics

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක්‌ වී එන්නම්‌..
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක්‌ වී ඉන්නම්‌..
කුසුමක්‌ වී ඉන්නම්‌..

තුන්‌ මහලින්‌ සැදි සරසවි පායේ
මල්‌ කැටයම්‌ සෙවණේ..
සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ..
මිරිඟු සයුර විනි අතීතයේ..

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක්‌ වී එන්නම්‌..
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක්‌ වී ඉන්නම්‌..
කුසුමක්‌ වී ඉන්නම්‌..

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ..
අත්තටු සිඳ ගත්‌ විහඟ විලාසෙන්‌
අපේ පැතුම්‌ ඉකි බිඳිනු ඇසේ..
අපේ පැතුම්‌ ඉකි බිඳිනු ඇසේ..

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක්‌ වී එන්නම්‌..
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක්‌ වී ඉන්නම්‌..
කුසුමක්‌ වී ඉන්නම්‌..

Video thumbnail