Me Guru Pare Me Dola Aine

Me Guru Pare Me Dola Aine

w d amaradeva
Me Guru Pare Me Dola Aine Lyrics

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස්‌ ඇත සැඟවිලා
අපේ රහස්‌ ඇත ලියැවීලා

පටු මාවත්‌ වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන්‌ ඇත

පටු මාවත්‌ වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන්‌ ඇත
දොළ මත දිදුලන පෙනපිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක්‌ ඇත

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස්‌ ඇත සැඟවීලා
අපේ රහස්‌ ඇත ලියැවිලා

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත්‌ ගෙන අප දෙඩු කතාබහ

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත්‌ ගෙන අප දෙඩු කතාබහ
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරෙට හඳට ඇළ දොළට කතා බැහැ

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස්‌ ඇත සැඟවිලා
අපේ රහස්‌ ඇත ලියැවිලා..

Video thumbnail