Nim Him Sewwa Ma Sasare

Nim Him Sewwa Ma Sasare

w d amaradeva
Nim Him Sewwa Ma Sasare Lyrics

නිම්‌ හිම් සෙව්වා මා සසරේ..
හමුවි යුගයෙන්‌ බැඳි යුගයේ..
ළංවි වෙන්වී වරින්‌ වරේ..
ඔබ හා මා රන්‌ හුයකිනි බැඳුණේ..

දිවියේ ආශා.. ගැඹුරින්‌ ගැඹුරේ..
ළයගින්‌ සනහා.. අපමයි තැවුණේ..
ජන්මෙන්‌ ජන්‌මේ රැව් දීලා..
ඔබ මා නෙතගේ රැඳුණා..

නිම්‌ හිම් සෙව්වා මා සසරේ..
හමුවි යුගයෙන්‌ බැඳි යුගයේ..
ළංවි වෙන්වී වරින්‌ වරේ..
ඔබ හා මා රන්‌ හුයකිනි බැඳුණේ..

ඉරහඳ සේ මා.. පැතුමන්‌ පැතුවා..
සැනසුම්‌ සයුරේ.. සුසුමන්‌ හෙළුවා..
අතරින්‌ පතරේ වියැකීලා..
සටනින්‌ අද මා දිනුවා..

නිම්‌ හිම් සෙව්වා මා සසරේ..
හමුවි යුගයෙන්‌ බැඳි යුගයේ..
ළංවි වෙන්වී වරින්‌ වරේ..
ඔබ හා මා රන්‌ හුයකිනි බැඳුණේ..

ඔබ හා මා රන්‌ හුයකිනි බැඳුණේ..
ඔබ හා මා රන්‌ හුයකිනි බැඳුණේ..

Video thumbnail