Palu Anduru Nil Aahasa Mamai

Palu Anduru Nil Aahasa Mamai

w d amaradeva
Palu Anduru Nil Aahasa Mamai Lyrics

පාළු අඳුරු නිල්‌ අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන්‌ යුගයට හදවත්‌ ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි

පාළු අඳුරු නිල්‌ අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාර වු මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි

අසාර වු මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන්‌ යුගයට හදවත්‌ නළවන
සදාකාලික වු සැපත ඇයයි

පාළු අඳුරු නිල්‌ අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැලෑව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල්‌ පොකුර ඇයයි

කැලෑව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල්‌ පොකුර ඇයයි
යුගයෙන්‌ යුගයට හදවත්‌ පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පාළු අඳුරු නිල්‌ අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

Video thumbnail